මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ මොල්ලි කුලම,මරිච්චිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.
විල්පත්තු ජාතික වන උද්‍යානයේ ,උතුරු අභය භුමියේ පළු ගසක් කපා එහි දැව තොගයක් රැගෙන යන ලද පුද්ගලයකු අත්අඩංගුවට ගැනිමට වනජිවි නිලධාරින්  සිද්ධියට සම්බන්ධ සැකකරුගේ නිවසට ගොස් තිබේ. 
එහිදි සිද්ධිය සම්බන්ධ සැකකරු හා අඩි දෙසිය පනහක පමණ දිගින් යුත් පළු දැව කැබලි හතළිස් දෙකක් ද නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ලොරි රථයක පටවාගෙන එම නිවසින් පිටවන අවස්ථාවේදි පැමිණි නාදුනන පිරිසක් මෙම පහරදීම සිදුකර ඇත.
පසුව මේ පිළිබදව සිලා වතුර පොලිසියට පැමිණිලි කර ඇත.ඒ අනුව පොලිසිය විසින් සිදු කළ පරික්ෂණ වලින් පසුව සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිලා වතුර පොලිසිය මගින් සිදුකරයි.
	  
 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														