විශ්වවිද්‍යාලවලට භික්ෂූන් බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර කැලණිය විශ්වවිද්‍යාලවල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 38 ක් ගතවී ඇත.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවට යහපාලනය හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස තුනේ බදු ආදායම 23.8%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ආනයනික ලොකු ලූනු හා අර්තාපල් වල බදු ඊයේ(24) මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළදමා ති‍බේ.

දූෂිත රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රැසකට එළෙඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට හා බැසිල් හා ගෝඨභය සොහොයුරන්ටද මෙලෙස ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ අතර කතානායක චමල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් පසුවේ. ඒ වෙනුවෙන් ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා ලැබෙනු ඇති බවත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමිකින් පසුවන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයේ දී සුළු ජාතිකයන් නිරූපණය වන තීරු දෙක සහිත කොටස ඉවත් කළ සිංහ ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) උදෑසන පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ ‍කෙළේය.

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරයකුට අල්ලසක් ලබා දීම සඳා මේවන විටත් රාජ්‍ය අධිකාරියක සභාපතිත්වය උසුලන නිළධාරියකු දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

එජාපයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂයේ දැත් ශක්තිමත් කරන්න ගිය එම ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරයෙකුව අද හෙටම අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතී.  

ld add copy

Connet With Us