මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා සංවිධානය කරන ‍රැළි මාලාවේ දෙවැන්න අද (06 දා) පස්‌වරු 3.00 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසල පැවැත්වේ. මේ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බවත් ඔහු ඊට සහභාගී වනු ඇති බවත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා පැවැසීය.

‍දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

 

මූල්‍ය වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

විදෙස් කටයුතු ඇමතිතුමනි,

කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරු කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි.

ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙනවාද නැද්ද යන තීරණය ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ලේකම් හා ජාතික සංවිධායකවරයාට බලය පැවැරීමට ශ්‍රිලනීප මධ්‍යම කාරක සභාව අද සවස තීරණය කර තිබේ. ඒ නිලවශයෙන් එසේ වූවද මෙම තීරණය ගැනීම ජනාධිපතිවරයා මත පැටවෙන්නක් බව පැහැදිලි කරුණකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බැසිල් සහ නාමල් රාජපක්ෂවරුන්ගේත් කුළුපග හිතවතෙකු මෙන්ම විවිධ ව්‍යාපාර සඳහා කුප්‍රකට ඩීල්කරුවකු ජනාධිපති මාධ්‍ය අංශ තුල රිංගා ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටී.

තවමත් රාජ්‍ය කටයුතු මෙහෙයවන්නේ පරණ රාජපක්ෂ හිතවාදීන් අතින් බව රාජිත සෙනාරත්න මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය. පොලීසියේ රහස් පොලීසියේ ඉන්නේ ඒ අයගෙ කට්ටිය බවත් මේ නිසා ඒ අයට ලෙහෙසියෙන් උත්තර දිය හැකි ප්‍රශ්න සඳහා පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවටත් ඔහු චෝදනා කළේය.

පසුගිය රජය සමයේ යාපනයේ ඉදිකළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් බවත් එය මන්දිරයක් නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us