මැයි 18 විජයග්රහණ පෙළපාලිය, රණවිරු උපහාර උළෙලක් කරයි
පසුගිය ආණ්ඩුව විසින් මැයි මස 18 වන දින පවත්වාගෙන ආ එල්ටීටීඊයට එරෙහිව කළ යුද්ධය ජය ගැනීම වෙනුවෙන් සිදු කෙරුණු 'යුධ විජයග්‍රහණය' සැමැරීමේ සංදර්ශනාත්මක නාස්තිකාර උත්සවය මෙම වසරේ සිට 'රණවිරු උපහාර' උළෙලක් ලෙස පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
පියයුරු පිළිකා අද ලෝකයේ කාන්තාවන් අතර සුලබව පවතින රෝගයක්. මැදිවියට පත් වීමත් සමග බොහෝ කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වෙනවා.
පලාලි අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000ක් නිදහස් කෙරේ
පලාලි අධි අරක්ෂිත කලාපය යටතේ ගුවන් හමුදා පාලනය යටතේ වන අක්කර 6,152ක භූමී භාගයෙන් අක්කර 1000 ක් අදියර කිහිපයක් යටතේ නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
පසුගිය රජය සමයේදී වූ මහා පරිමාන දූෂණ වංචා කටයුතු විමර්ශනය සහ ඒවට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කිරීම සඳහා අගමැතිවරා විසින් පත් කෙරුණු කමිටුව සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සිවිල් ආරක්ෂක නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව එම දෙපාර්තමේනතුවේ නව අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේය.
වත්මන් රජය ජනතාවට ලබාදී ඇති සහනවලට අමතරව, භාණ්ඩ 10 ක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි 13 දා සිට අඩුකරන ලෙස ලංකා සතොස ආයතනය වෙත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.
වෙල්ගම, අගලවත්ත රැළියට දුම්රියෙන් ලක්ෂ 50 ක් වැය කරලා
පසුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අගලවත්තේදී, පැවැති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ඡන්ද ප්රචාරක රැළියේ වේදිකාව සදහා දුම්රිය දෙපාර්තමේන්තුව ලක්ෂ 50ක් වැය කර අැති බවත් ඒ සදහා සියලු වියදම් සිදුකර අැත්තේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ඒකකයෙන් බවත් දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ සම කැදවුම්කරු එස්.පී විතානගේ මහතා පැවසුවේය.
SAITM හොර වෛද්‍ය විද්‍යාලයට ලැබුණේ අතුරුදහන් වූවන්ගේ මළ සිරුරු ද?
ම්ලේච්ඡත්වයෙන් ඔබ්බට ගිය ලෝකයේ සියළු රටවල මනුෂ්‍ය අවයව හා ශරීර කොටස් විවිධ පර්යේෂණ හා ප්‍රතිකාර සඳහා භාවිතයේදී දැඩි නීතිරීති වලට යටත්ව ඒම කටයුතු සිදුකරයි.එවැනි දැඩි නීතිමය සීමා පැනවීමේ අවශ්‍යතාවය වන්නේ මනුෂ්‍ය අවයව ජාවාරම් වැලැක්වීමත් ඒවා ලබාගැනීම උදෙසා කෘෘර ලෙස මිනිසුන් ඝාතනය කිරීම වැලැක්වීමටත්ය.