විශ්වවිද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින් අතටද ලබා දෙන ලෙසත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබූ විශ්වවිද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන අහෝසි කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ.
උද්ඝෝෂණ වලට පහරදීමට යෙදවූ ඝෝඨාගේ කුලී මැරයන් දෙදෙනෙකු හඳුනාගැනේ.
මෙම ප්‍රවෘත්තියෙහි දැක්වෙන ඡායාරූප දෙකෙහි සිටින්නේ හිටපු අගවිනිසුරු තුමියට විරුද්ධව පැවති දෝශාභියෝගය පිළිබඳ අප්‍රසාදය පලකිරීම සදහා පැවති උද්ඝෝෂණයට පහර දීම සඳහා රාජපක්ෂ රෙජිමය ගෙන ආ කුලී මැරයන් අතරින් අප විසින් මේ වනවිට හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් වරයකු වූ නීතිඥ සමන්ත වැලිවේරිය මහතා නැවත වරක් ගුවන් විදුලි සංස්ථාවට රිංගීම සඳහා දැඩි උත්සාහය දරමින් සිටින බව හෙළිවේ.
වත්මන් නාවික හමුදාපති වරයාගේ සොහොයුරා වන නැගෙනහිර පළාත් යුධ හමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා විසින් යුධ හමුදා නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනා රැසක් එල්ල වී තිබේ.
හිටපු අගමැති පුත් අනුරාධ ලංකා ජයරත්න, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු බණ්ඩාර, ගම්පොළ නගර සභාවේ නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි හා ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීවරයාට ඇප ලබාදී තිබේ.
අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙකුට පහර දී දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (21දා) කොළඹ අපරාධ කොට්ඨාසයට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.