තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ.
යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 කට උසස්වීම්
අද (10) දිනට යෙදෙන යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ලෙස වරුණ රාජපක්ෂ මහතාව පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත. ඒ අනුව අද දින එම සංවිධායක ධුරය ඔහු වෙත ප්‍රදානය කිරීම සිදුව තිබිණි. එමෙන්ම සමගි ජන බලවේගයේ විධායක සභිකයෙක් සහ ප්‍රතිපත්ති සහ සමීක්ෂණ සහ උපාය මාර්ග කමිටුවේ උප සභාපතිවරයා ලෙස පසුගිය සතියේ පත් කර තිබිණි.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳව මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බව මට දැනගන්නට ලැබුණ බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා සදහන් කරයි.
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නිල වශයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
රජයේ පාසල්වල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශන විජිත හේරත් මහතා පවසා සිටියි.