මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලු අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවත්, එම ලේඛන සියල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

රුපියල් 60ක්ව පැවති බුලත් විටක් මේ වන විට රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව රජයේ පලමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

යුගයේ අවශ්‍යතාවය අනුව ජනතාවගේ යහපත වෙනුවෙන් ඡන්දයට ඉදිරිපත්වීමට තමා සූදානම් යැයි ජනප්‍රිය සිනමා නළු කමල් අද්දරආරච්චි ‘දිවයින’ට පැවසීය.

ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් සීමාව ඉක්මවා ප්‍රචාරක වියදම් සඳහා මුදල් වැයකර ඇත්නම්, ඔවුන් ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

ld add copy

Connet With Us