දුම්රිය ස්ථානාධිපතිවරු පසුගිය බදාදා (30 වැනිදා) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන අටක පාඩුවක් සිදුව තිබේ. ඒ, ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් බව දුම්රිය ස්ථානාධිපතිරු සඳහන් කරති.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (2) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොල් හිඟයක් ?

Published in පුවත්
Friday, 01 November 2024 12:31

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව පොල් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් අද උදෑසන බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී පෙරළීමෙන් සිදුවූ අනතුරින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තුන්දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිටවූ දුම්රිය වර්ජනය, විසදුම් නොලැබෙන්නේ නම් යලි හෙට දිනය තුල ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙස සලකන පාර්ලිමේන්තුව අන් කවරදාටත් වඩා බරපතළ අනතුරක් වෙත යොමු වෙමින් තිබෙන බව පැහැදිලිය.අධික බලය විසින් දූෂණය ඉහළ වහා යන බව ප්‍රත්‍යක්ෂ කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරක් වෙත තල්ලු කිරීමට ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටී.

ld add copy

Latest News

රනිල්ගේ නඩුව කල්යයි

රනිල්ගේ නඩුව කල්යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටි නම්...

Connet With Us