පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරය පැවැත්වෙන කාලසීමාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්නේනම් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරන්නැයි කතෝලික සභාව රජයෙන් ඉල්ලීමක් සිදු කරනයි.

ධීවර අමාත්‍යාංශය ඉදිරිපිටදී පසුගියදා පැවති උද්ඝෝෂණයට පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ධීවරයන්ට තම කනගාටුව ප්‍රකාශ කරන බවද ධීවරයන්ගේ පිටුපස සිටින ප්‍රතිගාමී දේශපාලන බලවේග හඳුනාගෙන ඔවුන්ටද පියවර ගත යුතු බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ගාසා තීරයේ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර  ඇතිවූ ගැටුම් විමර්ශනය සඳහා ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් විසින් කමිටුවක් පත්කර ඇත.

හොඳ පොලිස් සේවයක් ලබා දීමට හැකිවන්නේ රාජ්‍ය තන්ත්‍රයත් පොලිසියත් මහජනතාවත් ශක්තිමත්වූ විට පමණක් යැයි නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස වැඩ භාරගනිමින් ආචාර්ය මහින්ද බාලසූරිය මහතා ඊයේ(21) සදහන් කළේය.

69 වැනි එක්සත් ජාතීන්ගේ දිනය කොළඹ 07 එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේ දී පැවැත්වේ.

ධීවර සංවිධාන ඒකමුතුව සංවිධානය පසුගිය 20 දින ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුනි. ඒ මුහුදු තීරය විදේශිකයන්ට බදු දීම හා ඒම විදේශික නැව් මගින් අල්ලනු ලබන මසුන් දේශීයහා විෙද්ශීය වෙළද පොළට මුදාහැරීමට එරෙහි වීමටය.

තමා විදේශ අමාත්‍ය පදවිය දැරූ සමයේ දියත් කළ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් එල්ටීටීඊ ය තහනම් කෙරුණු බව පවසන මංගල සමරවීර මන්ත්‍රීවරයා, එම තහනම ඉවත් කිරීමේ වාසිය හිමිවන්නේත් ආණ්ඩුවේම හිතවතුන්ට බවට චෝදනා කරයි.

ජිනීවාහී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරියක වු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ  වත්මන් ලේකම් ක්ශෙනුකා සෙනවිරත්න එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ සාමාගමක හිමිකරුවෙකුට සිය නිළ නිවස අලූත්වැඩියා කිරීමට කොන්ත‍්‍රාත්තුවක් ලබාදුන් බවට එල්ල වන චෝදනා රජය ප‍්‍රතික්ෂේප කරයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us