රටේ පාලකයා අනුමත කරන්නේ දුෂිත දේශපාලන සංස්කෘතියක් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසීය.
 
ඔහු මේ අදහස් පළ කළේ බිබිල නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.
' ගහපල්ලා, මරපල්ලා, බය කරපල්ලා, ගිනි තියපල්ලා, ආධාර කරුවන්ට අරක්කු දීපල්ලා, කොහොම හරි මැර බලයෙන් බලයේ හිටපල්ලා. ඒක තමයි මේ රටේ පාලකයාගේ දේශපාලන දර්ශනය. ඒක සදාචාරයක් තියෙන රටකට ගැළපෙන්නේ නැහැ. මේ දුෂිත ක‍්‍රම වේදය නැවැත්විය යුතුයි. රට විනාශ වෙලා තියෙන්නේ. රටේ පාලකයන්ගේ හා ඇතැම් මැතිවරුන්ගේ දුෂිත හැසිරීම නිසයි'
ඔඩෙල් ව්‍යාපාරයෙන් සමුගත් ඔටාරා ගුණවර්ධන තම තීරණය මාධ්‍ය නිවේදනයක් ඔස්සේ දැනුම් දී තිබෙන්නේ මෙසේය.
 
වර්තමාන හා අතීත සියලූම සාමාජිකයින් සමගත්, ඔබ සමගත් මා බෙදා හදා ගත් අත්දැකීම මෙන්ම මා පැමිණි ගමන් මග වචනයෙන් විස්තර කිරීම අපහසු එකක්. ඒ තුළින් මා ලැබුවේ අප‍්‍රමාණ සතුටක්. මාගේ නිල්පාට ස්ටේෂන් වැගන් මෝටර් රථයේ පිටුපස අංගනයේ රෙදි පුරවාගෙන ගොස් මම ඇරඹූ මෙම ව්‍යාපාරය බොහෝ දුරක් ගෙන ඒමට අපට හැකිවූ අතර බොහෝ පිරිසකගේ ආදරය, සතුට, මෙන්ම ධෛර්ය අපට එහිදී නොඅඩුව ලැබුණි.
දෙදින නිල සංචාරයක් සඳහා මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබුදුල් ගයූම් මහතා අද (18)පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
පිටකොටව්දී පොලිස් නිලධාරියකුට පහරදීමක් සිදු කල පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉල්ලුම හා සැපයුම අතර ඇති විෂමතාව නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළඳුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉදවීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය.

මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකු සහිත බිළිඳියක පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වේ.

ඉබ්බාගමුව, මේඝගිරි විහාරයේ පැවිදි වීම සඳහා මාස අටක කාලයක් පුරා නැවතී සිටි රමේෂ් මධුරංග නැමැති 12 හැවිරිදි දරුවා පසුගිය 16 වැනි දින රාත්‍රී 10.00 සිට අතුරුදන්ව ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැල්ලවාය රැලියේදී ඊයේ (17) රාත්‍රී 7ට පමණ සිදුවූ පිපුරුමක් හේතුවෙන් කාන්තාවන් දස දෙනකු පමණ වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us