බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී තමාට වැඩි වාසි අත්පත් වී ඇති බවට ආරංචි ලැබී තිබෙන බවය. එමෙන්ම එම රාජ්‍ය සේවකයන්ට ස්තුතිය පුද කරන බවත් පැවැසුවේය.

රටක ආණ්ඩු බලයි මාරු විය හැකි ජාතික මැතිවරණයක් සිදුවන විට ආණ්ඩු බලය වෙනුවෙන් තරග කරන විපක්ෂ කණ්ඩායම් තමන්ගෙ ආණ්ඩුවකදී ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති වැඩ පිළිවෙල ආදිය ප්‍රකාශයට පත් කරයි..තමන් වෙතට සමාජයේ බහුතරයකගේ කැමැත්ත දිනා ගන්නෙ ඒ අනුවය.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබේ.

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ලාෆ් මිළ නොසෙල්වෙයි

Published in පුවත්
Wednesday, 04 September 2024 15:25

ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව එම සමාගම පවසයි.

ශ්‍රී ලංකාව සිය ජනාධිපතිවරණයට ළං වන විට, එරට තානාපති ලෙවන් ඩගාරියන් වෙනත් ජාතීන්ගේ දේශීය කටයුතුවලට මැදිහත් නොවන වග අවධාරණය කළේය.

ld add copy

Latest News

Connet With Us