රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය සූරා ගැනීම ගැනීම සඳහා මැතිවරණ වේදිකා වල දෙන බොරු පොරොන්දු වෙනුවට ඔවුන්ගේ වැටුප සියයට 24 කින් වැඩි කිරීමට මෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25000 දක්වා වැඩි කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද (03) සිදුකෙරුණි.

මෙරට සුළු ජාතික ප්‍රජාවේ බහුතරය තමන්ට සහයෝගය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටයි.

මිල කළ නොහැකි බව පැවසෙන ලෝකයේ දුර්ලභ මැණික් විශේෂයකින් නිපදවන ලද බව කියන කිලෝ 120ක් බරැති ඇතෙක් ඇතුළු එවැනිම ඇතුන් 15 දෙනෙකු, කිලෝ 95ක් බරැති මැණික් ආරුක්කුව විකුණා ගැනීමට ජාත්‍යන්තර වෙළෙඳපොළක් සකස් කරගැනීමට රජයේ සහය ලබාදෙන ලෙස මැණික් ව්‍යාපාරිකයෙක් වන රුක්ෂාන් රණවීර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්වෙමින් ගොඩනංවන නව සන්ධානය එළිදැක්වීම අනිද්දා (05) දිනයේදී කොළඹ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ජපානය විසින් මේ වන විට ශ්‍රී ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍ර වලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට විවෘත කිරීමට ජපානය එකඟ වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවසා තිබේ.

සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබන 'one-chop' ක්‍රමය අනුගමනය කරමින් රටවල් 38ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට අවසර දී ඇත.

කරුණාරත්න පරණවිතාන මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දුන්නේය.

ld add copy

Latest News

Connet With Us