පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙද්දී සැකකටයුතු 7ක් අත්අඩංගුවට - විමර්ශන පුළුල් කරන්න සැරසේ
පොසොන් උත්සවයට මිහින්තලා පුදබිම සූදානම් වෙමින් පවතින අවස්ථාවක මිහින්තලා ප‍්‍රදේශයට පැමිණෙන සැකකටයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාට නියම කළේය.
ශ්‍රී ලංකාවට සුබ බලාපොරොත්තු එක්කරමින් IMF තුන් වැනි වාරිකයටත් අනුමැතිය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි 3 වන වාරිකය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
බස්නාහිර, සබරගමුව, වයඹ ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Youth 2024 වැඩසටහන ජුනි මස 14 සහ 15 දෙදින පුරා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතය.
තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ වෙන්න හදයි
සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවේ.
රනිල් ඡන්දෙට එනවා, පාර්ශ්ව ගණනාවකගේ සහය ලබා ගැනිමේ සාකච්ඡා සාර්ථකයි
කවුරු කුමක් කීවත් නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක පැවසුවේය.
ඉදිරියේදී බිත්තරයක මිල පහළ දැමීමට හැකි බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.