අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජපානයේ කොබේහි පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දණහිසෙන් පහළ ආබාධිත (F44) කාණ්ඩයෙන් හෙල්ල විසිකළ සමිත දුලාන් ලෝක වාර්තාවක් සමඟ එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් විය.

මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන්න යැයි, ජනාධිපති ඇතුළු සියළුම පක්ෂ නායකයින් වෙත ආයාචනා කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙන්වෙන් එහි සභාපති කරු ජයසූරිය මහාතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය තුළින් පාරිභෝගිකයින්ට මූල්‍ය වංචාවලින් සහ මූල්‍ය අපයෝජනවලින් ආරක්ෂා වීමට අවස්ථාව සැලසෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්‍යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය අරලියගහ මන්දිරයේදී අද (21දා) පැවැත්විනි.

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා තිබේ. 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

තද වැසි සහ තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us