ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2024 වසර සඳහා වූ අමෙරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජන ඉලක්කය මෙම වසරේ පළමු කාර්තුවේදීම සපුරාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

වගකීමක් නැති ප්‍රකාශවලින් රට කලඹන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හෝ පාර්ලිමේන්තුවක් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසීය.

රුසියානු - යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින හිටපු ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ලබන මස රුසියාවේ සංචාරය කිරීමට නියමිතය.

සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් රජය ඉදිරියටත් හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

 මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඉතා මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) අභාවප්‍රාප්ත වී තිබේ.

උතුරේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගීතාව ලබා දෙන බව කැනඩාව පවසනවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව අද දිනයේදී ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කළ ද දිවයින පුරා පාසල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වාර්තා වනවා.

ශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කරනු ලැබීය.

ld add copy

Connet With Us