පසුගිය වසරේ ගතවූ කාලසීමාව තුළ තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ලද ආයතන 7,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
VAT වැඩි කරාට සත්ත්ව නිෂ්පාදන මිළ වැඩි කරන්නේ නැහැ - සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය
වැට් බදු වැඩි කළ ද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි නොකරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ)රාජපක්ෂ පවුලේ අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම දැඩි බලාපොරොත්තු සහිතව සිටි ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ ජනාධිපති සිහිනය මේ වන විට මුළුමනින්ම බිඳ වැටෙන දේශපාලන වාතාවරණයක් ගොඩනැගී ඇත.
ලබන 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක්
ලබන 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
අග්බෝ ඇතා දැනට රැඳී සිටින උලගල්ල වැව වටා විදුලි වැටක් ඉදිකිරීමට වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
හොඳින් හෝ නරකින් ආර්ථිකය ගොඩ ගන්න පියවර ගන්නවා - මනූෂ නානායක්කාර
හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපතිවරයා ලබා දී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

