චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩා කර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් කර ඇති බව වරාය අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.

සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත් එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය.

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව ඉන්දීය ධීවරයන් මෙරට උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව යාපනය ධීවර සංගම් චෝදනා කරයි.

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ.

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) සිට ආරම්භ වනවා. ඒ, අනුව එම ඇගයීම් කටයුතු ලබන 12 වනදා දක්වා සිදු කරණ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ.

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ.

ld add copy

Connet With Us