දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (19) පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේවන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් ඇතිව තිබෙන හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අමෙරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබේ.

අධිකරණය මඟින් ලබා දුන් නියෝගයකට අනුව සංචාරක හෝටල් සහ අවන්හල් සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ඉක්මනින් එළැඹිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය අද දිනයේ දී විවෘත වීමට නියමිතයි.

ආනයනික ටින් මාළු සහ දේශීය ටින් මාළු, මුං ඇට, හාල් මැස්සන්, කොත්තමල්ලි වල මිළ අද (19) රාත්‍රියේ සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබේනවා .

අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍රකර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කළයුතු බව පැවැසු ජනාධිපති වික්‍රමසිංහ ඒ වෙනුවෙන් විසඳම් 3ක් ඉදිරිපත් කරමින් චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ගේ සම්මන්ත්‍රණයකදී පැවසීය. 

ld add copy

Connet With Us