ගතවු පැය 24 තුළ දිවයින පුරා අපරාධකරුවන් තවත් 733 ක්
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144 ක් සමගින් මුළු සැකකරුවන් 733 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයෝ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් සමග සාකච්ඡාවකට යයි
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරු ඇප මත නිදහස් කර තිබේ.
ඉන්දියානු විදුලි මෝටර් රථ කර්මාන්තයේ සුවිසල් දියුණුවේ ප්රතිලාභ ලංකාවට අත්පත් කර දිය යුතුයි - බන්දුල
ඉන්දියානු විදුලි මෝටර් රථ කර්මාන්තයේ සුවිසල් දියුණුවේ ප්රතිලාභ ලංකාවට අත්පත් කර දිය යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.
පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන්
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පෙරවරු 10.30 ට විවෘත කෙරේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (06) වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විප්ලවයකින් තොරවම ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීම ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් - ජනපති
ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය ලබා දෙන බව ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සුදත් දේවපුර ඇතුළු එහි සාමාජිකයන් පවසා තිබේ.

