2024 අයවැය තෙවැනි වර කියවීමේ විවාදය සඳහා කථානායකවරයා ගේ ප්‍රධානත්වයෙන් අද (16) දිනයට නියමිත පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

 

-P.M

විදුලි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය ප්‍රදේශ කිහිපයක් සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.

සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

මෙවර අයවැය ජයග්‍රහණය කිරීම සදහා සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ශ්‍රී ලංකා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රභාත් වීරසිංහ අධ්‍යාපනයට වැඩි ඉඩක් ලබා දීම සුබවාදී බව පැවැසීය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය රට මුහුණ දී ඇති අර්බුදයෙන් එළියට ඒමට විසඳුම් නොමැති අයවැයක් බව පැහැදිලි පැහැදිලිව පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පවසා සිටියි.

ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ld add copy

ක්‍රීඩා

Connet With Us