23වන ඉන්දියානු සාගර  වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය මෙරටදී පැවැත්වීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 11 වනදා මෙම සංවාදය පැවැත්වීමට නියමිත අතර ඊට සහභාගී වීම සඳහා විදෙස් නියෝජිතයින් එළඹෙන සතියේදී මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

උඩරට ද්‍රවිඩ ජනතාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අධික වර්ෂාව සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සොයාබලා ඔවුන්ට සහන සැලසීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස්දී තිබේ.

වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් හිමිකරදීමට තරුෂි කරුණාරත්න ඊයේ සමත්විය.

මේ දිනවල ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක පැතිර යමින් තිබෙන “නීපා” වෛරසය නිසා මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි ද, එම නිසා ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීහු ඊයේ (04) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙනු ලැබීය.

ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

අරගලය පැවති සමයේ දිවයින පුරා හදිසි නිති රෙගුලාසි පැනවීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කල් ලබාදුනි.

ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ld add copy

Connet With Us