2022 ජූලි මාසයට අදාළව නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙය ප්‍රකාශයට පත් කරනු ලබයි.

ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාවලින් අවසන් වන සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පසුබට නොවන බව අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අමතමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස විපක්ෂය සහ සිවිල් සංවිධාන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මියගෙන් ඉල්ලීමක් කොට ඇත. ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හි දී (11) පැවැති සාකච්ඡාවේ දී මෙම ඉල්ලීම කර තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.

කොළඹ, නිදහස් චතුරස්‍රය ආන්නයේ පිහිටි රාජ්‍ය පාරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගොඩනැගිලේ වූ ජල කාන්දුවක් හේතුවෙන් එහි වැඩකටයුතු අද දින මුළුමනින්ම නතර වී ඇතැයි වාර්තාවේ. විදුලි බලය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති අතර මේ වන විට ගොඩනැගිලි පරිශ්‍රය ද වසා දමා ඇත.

ජනාධිපති රනිල් වික්‍රසිංහට රාජපක්ෂවරුන්ගෙන් සහ පොහොට්ටු කණ්ඩායමෙන් එල්ල වන බලපෑම් අවම කිරීම වෙනුවෙන් ජාතික සභාව ශක්තිමත්ව ගොඩනැංවිය යුතු බව එජාපයේ ජ්‍යේෂ්ට සමාජිකයන් මෙන්ම මේ වෙනුවෙන් පෙනී සිටින විද්වතුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

ගාළු මුවදොර අරගලකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූ, සාමාන්‍ය ජනතාවගේ අදහස් සාකච්ඡා කොට ඒ්වා සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම සදහා වන ව්‍යුහයක් ගොඩ නැගීම ක්‍රියාත්මක වන ලකුණු පහළව තිබේ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පසුගිය මැයි 09 වනදා සහ ඒ ආසන්න දිනවල රට තුළ සිදුවූ කැරළිකාර සිදුවීම් මත විනාශයට පත් දේපොළ වෙනුවෙන් රජය සාධාරණ වන්දි මුදලක් ගෙවීමේ තීරණ ගෙන ඇතත් එම වන්දී මුදල දෙගුණ තෙගුණ කිරීමේ තීරණයක් ගෙන නැතැයි රජයේ තොරතුරු මාර්ග තවුරු කරයි.

ld add copy

Connet With Us