පසුගිය යල කන්නයේ යුරියා පොහොර ලබා ගැනීම සඳහා රජය විසින්ගොවි ජනතාවට නිකුත් කළ වවුචර්පත්වලට අදාල පොහොර ලබා නොගත් ගොවීන් දෙසැම්බර් මස 15ට පෙර එම පොහොර ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු විපක්ෂයේ පොදු අපේක්ෂකයා නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ මේ වන විටත් සජබයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යටතේ පක්ෂය දියවෙමින් යෑම වලක්වා ගැනීමට බව එම පක්ෂයට සම්බන්ධ ආරංචිමාර්ග පවසයි.

ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙරට ජනතාව සදහා පරිභෝජනයට ඉඩ නොදෙන බවත්, එවැනි පොල් තෙල් ප්‍රති අපනයනය කරන බවත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේය.

විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඇති හැකියාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

2024 වසර වනවිට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කිරීමට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.

ලන්දේසීන් මෙරටින් රැගෙන ගොස් තිබූ ලෙව්කේ දිසාවට අයත් කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රන් පිහිය, රිදී කස්තානය සහ මහ තුවක්කු දෙකක් ඇතුළු කෞතුක භාණ්ඩ එකතුවක් නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ඊයේ (29) නිල වශයෙන් භාර දී ඇත.

ld add copy

Connet With Us