කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ අද පැවැත් වැඩිදුර විභාගය දී මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් යෝජිත කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින් ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බව ප්‍රකාශ කළේය.

සංවර්ධන කටයුතු කරනකොට විපක්ෂයේ ඇහැට කටු අනිනවා වාගේ බලන් ඉන්න බෑ. බොරු චෝදනා දාලා මේ සංවර්ධන වැඩ කටයුතු අඩාල කරන්න විපක්ෂය උත්සහ කරනවා.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නවා සේම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන රියැදුරන් ද අත්අඩංගුවට ගැනීම සඳහා ද ඉදිරියේදී දීපව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ ප්‍රකශ කර තිබෙනවා.

එළැඹෙන සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද (22) සිව්වන දිනටත් ආරම්භ කර තිබේනවා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේන බවයි වාර්තා වෙන්නේ.

වරාය නගර පනත ව්‍යස්ථා විරෝධී බවත් එම පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් ඡන්දයත් ජනමත විචාරණයකුත් පැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස පාර්ශ්ව විශාල ගනනක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඊයෙ දිනයේදී පැවැති නඩුවාරයේදී , පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දෙන පරිදි කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්නි රටේ ඒකීය භාවයට හා ව්‍යවස්ථාවට පටහැනි බව බැලූ බැල්මට පෙනී යන බැවින් ඒවා සංශෝධනය කළ යුතු බව පිළිගන්නේ දැයි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මෙහිදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ගෙන් විමසා සිටි අතර තමන් ද ඒ බව පිළිගන්නේ යැයි ජනාධිපති නීතිඥවරයා එහිදි පිළිතුරු දුන් බව වාර්තාවේ.

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී නිරෝධායනය කිරීම සඳහා වැඩි පහසුකම්වලින් යුත් තරු පන්තියේ හෝටල් 7ක් වෙන් කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේනවා.

මද්‍රසා පාසල් සහ මුස්ලිම් අධිකරණ නීති සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරි සති දෙක තුන තුළ තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකශ කර තිබෙනවා.

ld add copy

Connet With Us