සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකසා මාසයක් ඇතුළත් කෝප් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා,එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාට ඊයේ (06) දැනුම් දුන්නේය.

කොවිඩ් නිසා හැම දේ ම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇති බවඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

සීනි තොග මිල අඩු නොවුණහොත් එළැඹෙන සතියේදී පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධව තීරණයක් ගැනීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සදහන් කර තිබෙනවා.

1 සිට 13 ශ්‍රේණි සඳහා අධ්‍යාපන වැඩසටහන් ඇතුළත් රූපවාහිනී නාලිකා 20ක් ස්ථාපනය කීරීමට රජය සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබෙනවා.

රටේ පවතින තත්ත්වය මත ඉල්ලුම වැඩිවී නැති නිසා ආණ්ඩුව වැඩියෙන් මුදල් අච්චු ගැසූ බවත් ඒ හේතුවෙන් උද්ධමනය ඉහළ යාමක් සිදු වන්නේ නැති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (05 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අද (06) ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය.

බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට පොලඹවන සියලු වෙබ් අඩවි කඩිනමින් තහනම් කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (5 වැනිදා) නියෝග කර තිබෙනවා.

වෙළෙඳ පොළේ සීනි මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා සීනි කිලෝවක් රුපියල් 120 කට වඩා අඩු මිලකට දිවයිනේ සියලුම සමුපකාර සමිති හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර ප්‍රකාශ කර තිබෙනවා.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us