රුසියානු ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම අද (06) උදෑසන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාදින්නාගොඩ රජ මහා විහාරයේ දී ආරම්භ වුණා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

vaccin1vaccin2

සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ වනවිට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා තිබෙන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකශ කර තිබෙනවා.

රටේ පවතින වාතාවරණය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේ පක්ෂ සහ දිස්ත්‍රික් නායකයන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා තිබේන බව වාර්තා වෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු සංචාරකයෙකුට මෙරට ගොඩ බැසීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව බවයි වාර්තා වෙන්නේ.

කුරුණෑගල, මත්තල, ලුණුගම්වෙහෙර සහ බෙලිඅත්ත නගර අංග සම්පූර්ණ නවීන නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (05) පැවැත්විණි.

නීතිපති දප්පුල ද ලිවේරා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) කථානායකවරයා වෙත ලැබී තිබේ.

ld add copy

Connet With Us