රුපියල් කෝටි 45කට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 45කට අධික ප්‍රමාණයක් සමග යුද හමුදා සෙබළුන් දෙදෙනකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය හොරණ ප්‍රදේශයේදී ඊයේ (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නඩු පවරනවාද? නැද්ද? යන්න පිළිබඳව අවසන් තීන්දුවකට එළැඹිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයකට අනුව බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කර තිබෙනවා.

බන්ධනාගාර තුළ නව කොවිඩ් වෛරසය ආසාදිතයින් 32කු හඳුනා ගෙන තිබීමත් සමග මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4807 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාවේ ඔස්ක්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේන බව වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම් පිළිබඳ විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව ඉන්දියාවේ එන්ඩීටීවී, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු පුවත් සේවා රැසක් වාර්තා කරනවා.

තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

යුද හමුදා රථයක් බවට හැඟවෙන ආකාරයෙන් සකස්කරන ලද වෑන් රථයක තිබී හොරෙයින් කිලෝ 45යි ග්‍රෑම් 376ක ප්‍රමාණයක් අද (25) උදෑසන පොලිසිය විසින් සොයා ගැනුණා.

ඇමෙරිකාවේ එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන කොරෝනා එන්නත ක්‍රියාකාරී සහ සුරක්ෂිත එන්නතක් බවට අමෙරිකානු ඖෂධ නියාමනය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

ld add copy

Latest News

කෙහෙළියට අධිචෝදනා

කෙහෙළියට අධිචෝදනා

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ ය...

Connet With Us