විදේශ රැකියාවල නිරතව සිට යළි මෙරටට පැමිණෙන ශ්‍රමිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ සිදුකරන පීසීආර් පරීක්ෂණ ගාස්තු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට තීරණය කර ඇත.

දීර්ඝ කාලයක් රට වසා දැමීමෙන් හොඳ ප්‍රතිඵල ලැබී ඇති බැවින් එලැඹෙන ඔක්තෝබර් මස 1 වැනිදා සිට රට විවෘත කළ හැකි බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය අර්ජුනද සිල්වා සඳහන් කර තිබෙනවා. ඒ දැඩි සංචරණ සීමාවන් යටතේයි.

පාසල් ළමුන්ට නිවසේ සිටම හෑදැරිමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසයි.

වරායේ සිරවී ඇති අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහා නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී නියෝග කර තිබේ.

මිත්‍යා මතවලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක් වන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

යහපත් කල්ක්‍රියාවෙන් සිටින සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයින් සමග කාලය ගතකර පැමිණීම සඳහා අවස්ථාවක් වහාම ලබාදෙන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (23) පවසා ඇත.

මිල්කෝ ආයතනය කල් කිරි නිෂ්පාදනය මාස දෙකක පමණ කාලයක් නතර කර ඇතැයි එහි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට 22 දා පස්වරුවේම සිය අත්සන යොදා පනත බලාත්මක කළේය.

ld add copy

Connet With Us