විශ්වාසභංගයෙන් රනිල්ව පැරදවිය නොහැකියි..හිටපු ශ්‍රිලනීප ඇමැති වීරකෝන්
අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ශ්රීලනීපයේ කොටස් විසින් ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් එජාපය පරාජය කළ නොහැකි බව රාජපක්ෂ සමයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි ගාල්ලෙ කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.
විශ්වාසභංගයෙන් වැඩක් නෑ.. ශ්‍රිලනිප කැබිනට් සංශෝධනය මැයි 7න් පසුවට කල්තබයි
කැබිනට් මණ්ඩලයේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ විෂය මාරු කිරීම මැයි 07 වන දිනෙන් පසුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයෙන් අපේක්ෂිත වෙනස සිදු නොවන බව මේ අනුව සැලකිය හැකිය.
උදයංගව අත්අඩංගුවට ගත්තු කතාව පැරඩියක්.? මෛත්‍රී +මහින්ද ගණුදෙනු වසන් කිරීමේ උත්සහයක් ද සැකයි..
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරට පොලිසියේ බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බවට ඊයේ (26) දිනයේ සිට රාජ්‍ය මාධ්‍ය හ පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන කතාවෙහි සත්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.
අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න බෑ.. අපි අමාරුවේ වැටිලා ඉන්නේ - එස් බී
අද කොළඹදී පැවැති මාධය හමුවකදී අදහස් පළ කළ ඇමැති එස් බී දිසානායක මහතා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට 19 වන අණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රතිපාදන නැති බව අවධාරණය කළේය.
පජාත ශ්‍රීලනීප මන්ත්‍රීලට ගමට යන්න හොර පාරක් සුසිල් පෙන්නයි
තමන්ගේ ගමේ තමන්ට ඡන්ද දුන් ජනතාව හමුවට යෑමට නොහැකිව ලත වෙමින් සිටින පජාත ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඒ වෙනුවෙන් සකස් වූ හොර පාරක් ගැන ශ්‍රිලනීප ඩබල් ගේම් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දී තිබේ. ඒ අගමැතිට එරෙහිව විශ්වාසභංගයට අත ඔසවා ' මං පොර එජාප විරෝධී පතාක යෝධයෙක්.. ' යැයි කියමින් ජනතාව ගොනාට ඇන්දවීමෙනි.
රාජපක්ෂ වියරුව එළියට පනී..මිනී මරල හරි බලය ගන්නයි ඕනේ..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ඉකුත්දා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී මනාව පැහැදිලි වූ බවත් එය මැඬලීමට කවර ආකාරයේ මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද ඒවා බිඳදමා 'මාපිලා' ලකුණෙන් හෝ තරග කර මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට ක්‍රියා කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශ අද මව්බිම වාර්ථාකර තිබේ.
TNA සහය අගමැතිට.. විශ්වසභංගය භංගයි...ආපු වැඩේ නොකිරීම ගැන ජනපතිට චෝදනා
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.
විශ්වාසභංගය..ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් වෙයි.. මංගලගෙන් අනතුරු හැඟවීමක්
අගමැතිවරයා ඉවත් කිරීම ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනාව ගෙනත් තිබුණත් මෙහි සැබෑ ඉලක්කය ජනාධිපතිවරයා බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අද මාධ්‍ය හමුවේ ප්‍රකිශයක් කරමින් පැවසීය.