ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලබන මස 06 වනදා එක්දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී තෙමෙන බව ජනතාව කියති. එහි වහලයේ ඇති අබලං තත්ත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම වැසි ජලයෙන් තෙමී යෑමේ අවදානම් තත්ත්වයක් උදාවී ඇත.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ නිලවරණය මෙම දෙසැම්බර් මස 05 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

අද (24) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාතලේ, සිවලාකුලම සහ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශවල යල කන්නයේ වට්ටක්කා වගා කළ ගොවි පවුල් දස දහසකට වැඩි පිරිසක් අස්වනු අලෙවි කරගත නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ.

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ ඔහුගේ කැදැල්ලට තවත් ආදරණීය සිඟිති පුතෙකු එකතුවීමම නිසයි.

රන් මිල අදත් පහළට

Published in පුවත්
Thursday, 23 October 2025 19:42

මෙරට රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රු 77,000කින් පමණ පහළ ගොස් ඇති අතර, අද (23) දී පමණක් රන් මිල රු 10,000කින් පහළ ගොස් ඇත.

ld add copy

Connet With Us