සුළි කුණාටු තත්ත්වය පහව යෑමෙන් පසු මේ දිනවල ත්‍රිකුණාමල ඇතුල් වරාය හා පිටත වරාය වෙරළට මියගිය කකුළුවන් විශාල ප්‍රමාණයක් ගොඩ ගසා තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Monday, 03 November 2025 08:02

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මාසික මිල සංශෝධනය අනුව නොවැම්බර් මාසයේ දී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි.

අතලු සහිත (හැඩ්ල් 2ක් සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (1) සිට ක්‍රියාත්මක කෙරේ.

ශ‍්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද 'GovPay' මගින් රුපියල් මිලියන 750කට අධික ගෙවීම් ප‍්‍රමාණයක් සිදුකර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

රුපියල් මිලියන 28 ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම හෙට (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

ld add copy

Connet With Us