යහපාලන රජය යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර භාවයකට පැමිණ ඇති බව අමෙරිකාව පවසයි.අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවය.

ගෞතම බුදුන්ගේ ශරීරකොටස් හෙවත් සර්වඥ ධාතු eBay හරහා ගෙන්වා ගත හැකිව තිබේ. eBay වෙබ් අඩවියෙහි එම ධාතු වල මිළ ගනන් සහිතව දැන්වීම පළ කර තිබේ.

වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය සහ එම සමාගමට කොළඹ කො‍ටුව දුම්රිය ස්ථානයේ කාර්යාල පරිශ්‍රයක් ලබා දිමේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු එස් පී විතානගේ මහතා, ජනධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත. ඒ ලියවිල්ල පහත දැක්වේ.

ගොඨාබය රාජපක්ෂ මහතා අමරිකනු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට තීරණය කර ඇති බවට අප පසුගියදා පළ කළ පුවත් සම්බන්ධයෙන් ඔහුගේ මාධ්‍ය හෙංචයියන් කලබල වී ඇත. ඉතා හදිස්සියෙන් අප පල කළ පුවතට පිලිතුරක් ගොනු කිරීමට මොවුන් කටයුතු කර තිබේ. ඒ ශ්‍රීලංකා මිරර් වෙබ් අඩවියටය.

ක‍ටුනායක , බණ්ඩාරනායක ජතයන්ත්‍ර ගුවන් තො‍ටුපොලෙහි තීරුබදු රහිත සාප්පු සංකීර්ණ දෙකම කැබිනට් මණ්ඩල නියෝග උල්ලංඝනය කරමින් ෆ්ලෙමින්ගෝ නම් ඉන්දීය සමාගමකට හා එහිම අනු සමාගමකට ලබාදීමට මෙරට බලධාරීන් කටයුතු කර ඇත්තේ රුපියල් මිලියන 500ක සංතොසම් මුදලක් නිසා බවට තොරතුරු හෙළිවෙමින් පවතී.

විනිමය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධි චෝදනා 10ක් යටතේ පවරා තිබූ නඩුවෙන් විත්තිකාර මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට පසුගිය 2015 වසරේ මැයි මාසයේදී කොළඹ මහාධිකරණ තීරණය කළද එම නඩු තීන්දුව ලබා දුන්නේ චෝදනා ගොනු කිරීමදී නීතිපතිවරයා වෙතින් සිදුව තිබූ තාක්ෂණික දෝශ පදනම් කරගෙන වීමත් යළි නීතිපතිවරයාට චෝදනා නිසි ලෙස සංස්ථාපනය කර ඉදිරිපත් කිරීමට හිමිකමක් ඇති බව සඳහන් කරමිනි.

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහි සම්පූර්ණ වියදම රුපියල් කෝටි 18 කට වඩා වැඩි බව එම පාර්ශ්වයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලෙකම් ගොඨාභය රාජපක්ෂ මහතා සිය අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා තීරණය කර ඇති බව ඒ මහතාට හිතවත් පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසයි. 2020 ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබේ.

ld add copy

Connet With Us