ඉදිරියට යා හැකි නායකයින් විසි දෙනකු තමා හඳුනා ගෙන සිටින බවත් තමාට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ජයග්‍රාහී මාවතට ගෙන එමින් එම නායකයින්ට පක්ෂය භාර දීමට බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ අවධාරණ කර තිබේ.

ශ්‍රීලංකා මහ බැංකුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුව හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරාගේ ධුරය මෙන්ම කතානායක වරයා හැර සෙසු පාර්ලිමෙන්තු මන්ත්‍රී 224 දෙනාගේම මන්ත්‍රී තනතුරු අහෝසි වන බව නීති විශාදරයන් පෙන්වා දෙයි.

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනීපයේ කොටස් විසින් ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් එජාපය පරාජය කළ නොහැකි බව රාජපක්ෂ සමයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි ගාල්ලෙ කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

කැබිනට් මණ්ඩලයේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ විෂය මාරු කිරීම මැයි 07 වන දිනෙන් පසුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයෙන් අපේක්ෂිත වෙනස සිදු නොවන බව මේ අනුව සැලකිය හැකිය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරට පොලිසියේ බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බවට ඊයේ (26) දිනයේ සිට රාජ්‍ය මාධ්‍ය හ පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන කතාවෙහි සත්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත.

අද කොළඹදී පැවැති මාධ‍ය හමුවකදී අදහස් පළ කළ ඇමැති එස් බී දිසානායක මහතා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට 19 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රතිපාදන නැති බව අවධාරණය කළේය.

තමන්ගේ ගමේ තමන්ට ඡන්ද දුන් ජනතාව හමුවට යෑමට නොහැකිව ලත වෙමින් සිටින පජාත ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඒ වෙනුවෙන් සකස් වූ හොර පාරක් ගැන ශ්‍රිලනීප ඩබල් ගේම් මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පෙන්වා දී තිබේ. ඒ අගමැතිට එරෙහිව විශ්වාසභංගයට අත ඔසවා ' මං පොර එජාප විරෝධී පතාක යෝධයෙක්.. ' යැයි කියමින් ජනතාව ගොනාට ඇන්දවීමෙනි.

ld add copy

Connet With Us