ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්‍යවේදින්ට සහ තවත් ආරාධිත අමුත්තන් වෙනුවෙන් ඊයේ රාත්‍රියේ යාපනයේ පැවැති භෝජන සංග්‍රහයක් අතරතුරේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා මාධ්‍යවේදින් සමඟ ගැ‍ටුමක් ඇති කරගෙන තිබේ.

මේ සුදානම මහජන බැංකුව බංකොලොත් කිරීමට ජවිපෙ දඟලන්නේ ඇයි ? යන්නෙහි දෙවන අංගය ගෙන එන්නටය. අප බලාපොරොත්තු වූ ලෙස දෙවන අංගය අරඹන විට නියම නළුවන් කරලියට පැමිණෙමින් ඇත. වසන්ත සමරසිංහද මදිවූ පසුව කරලිය හිමිකර ගන්නේ සුනිල් හඳුන්නෙත්තිය.

සබරගමු පළාත් ප්‍රධාන ඇමැතිවරයාව සිටින මහීපාල හේරත් මහතා පසුගියදා සිය ආධාරකරුවන් ‍රැසක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කියා ඇත්තේ තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීපව සිටින්නේ පළාත් සභාව විසුරුවා හරින තෙක් පමණක් බවත් ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනගන නව පක්ෂයට එකතු වන බවත්ය. පසුගිය දිනවලදී ඔහු මහින්ද පිලෙන් ඉවත් වී සිටින අයෙකු ලෙස හැ‍ඟෙන ලෙස කටයුතු කිරීම නිසා ඔහුගේ ආධාරකරුවන් නොසන්සුන් වීම මත මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

මහජන බැංකුවේ කීර්තිනාමයට හානිකර එය බිඳ දැමීමට මුල්‍ය සමාගම් මාෆියාව දියත්කර ඇති කුමන්ත්‍රණයට ජනතා විමුක්ති පෙරමුණ සෘජුවම සහය පළකර ඇති බව බැංකු වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් චෝදනා කර සිටියි.

පසුගිය රාජපක්ෂ සමයේදී ඝාතනය කරන ලද රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව පරික්ෂාකරන ලද සීසීටීවී දර්ශන වල විමර්ශන වලට සහය දෙන සාක්ෂි කිසිවක් ලැබි නැති බව වාර්තාවේ.

යුධ හමුදා බුද්ධි අංශ විසින් සැලසුම් කර 2009 වසරේ ජනවාරි 08 වෙනිදා අත්තිඩියේදී ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ මිහිදන්කර ඇති දේහය ගොඩගැනීමට නියමිතය. මේ වන විට බොරැල්ල කනත්තේ එම දේහය මිහිදන් කර ඇති ස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මහින්දවාදින් ලෙස පෙනි සිටින කණ්ඩයමේ ශ්‍රිලනිපය නියොජනය කරන පිරිසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යොජනාවලිය සඳහා මේ වන විට පවතින 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වන සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමට අගමැතිවරයා නායකත්වය දරන එම මෙහෙයුම් කමි‍ටුවට යෝජනා කිරීම සම්බන්ධයෙන් මහින්දවාදී තවත් කණ්ඩායමක් සිය විරෝධය පල කර නිවේදනයක් නිකුත් කොට ඇත.

දකුණු ඉන්දියාවේ(චෙන්නායි) ශ්‍රී ලංකා නියොජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් පත් කර යවන ලද පළපුරුදු රාජ්‍යතාන්ත්‍රික නිළධාරියකු වන නියොජ්‍ය මහ කොමසාරිස් වඩිවේල් ක්‍රිෂ්ණමූර්ති මහතා ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇති බව වාර්තාවේ.

ld add copy

Connet With Us