කෝප් කමිටුව මේ වසරේ ජනවාරි මාසය තුළය රාජ්‍ය ආතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් පවසනවා.

මෙම වසර තුළදී අදියර තුනක ව්‍යාපෘතියක් වශයෙන් පාසල් ළමුන් 800,000 කට පමණ නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ය ජශංකර් දින 3ක සංචාරයක් සඳහා හෙට (5) දිවයිනට පැමිණීමට නියමිතයි.

නවීකරණය කරන ලද අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා ඒකකය අද (04 ) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ආර්.ඒ ද මැල් මාවතේ දී විවෘත විය.

වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක පවසනවා.

රුපියල් කෝටි 60ක වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100ක් සහ හෂීෂ් කිලෝ 80ක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

හුදෙකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අයත් තවත් ප්‍රදේශ කිහිපයක් අද (4) අලුයම සිට හුදකලා බවෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශ වල පාසැල් 11වන ශ්‍රේණිය සිසුන් සදහා ලබන 25 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් සදහන් කරයි. මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් මෙම තීරණය ගත්බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ

ld add copy

Connet With Us