අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ඊනියා රණවිරුවන් බේරාගැනීමේ වෑයමක් !
අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය සඳහා පනත සකස් කිරීම හා ඊට පක්ෂව පාර්ලිමේන්තුව තුල ඡන්දය ලබා දුන් සියලු දෙනාට මරණ දඬුවම ලබා දිය යුතු බව මහින්ද රාජපක්ෂගේ රෙද්ද පල්ලේ විසූ, වැටෙන කටුවක් දෙකක් ලෙවකාගෙන සිටි ඊනියා රණවිරු පරාජිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර අද රාජපක්ෂලාගේම සිංහල බෞද්ධ ගෝත්‍රවාදී නාලිකාවක වන නෙත් ඒෆ් එම හි වැඩසටහනකදී පවසා ඇත.
හන්තාන ළමා අපයෝජකයා ලක්ෂ 23ක විදුලි බිල් වංචාවකුත් කරලා
මහනුවර හන්තාන නායකත්ව පුහුණු ඇකඩමියේ දරු දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු නිමල් එන්. පීරිස් ලිංගික අපයෝජකයෙකු පමණක් නොව නීලකාස වංචාකරුවෙකුද වන බව වාර්තා වෙයි.
මහින්දගේ රෙදි අපුල්ලපු දිනේෂ් වීරවංශට යහපාලනයෙන් රට සවාරී
මහින්ද රජපක්ෂ පාලන සමයේදී සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙහි ප්‍රධාන කතෘවරයාව සිටි( 2006 - 2014) දිනේෂ් වීරවංශ මහතා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගේ රෙද්දට මුවා වී හොර රහසේ බ්‍රසීලයේ සුපිරි විනෝද සවාරියක් ලබා ගෙන තිබේ.
පූජිත පරදී. යාළුවාව අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි
පෞද්ගලික මානව හා නායකත්ව විද්‍යාපීඨය නමින් පවත්වාගෙන ගිය නේවාසික පාඨමාලාවකට සහභාගි වි සිටි දැරියන් පිරිසක් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු වන ව්‍යාපාරික නිමල් පීරිස්ගේ අපේක්ෂිත ඇප ඇප ප්‍රතික්ෂේප කළ මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත. මෙම නිමල් පීරිස් යන අය පොලිස්පති පූජිත ජයසුන්දරගේ සමීපතම හිතවතකු වන අතර නිමල් පීරිස අපෙක්ෂිත ඇප ලබා දුබුණේද එම හිතවත් කම මඟින් ලැබුණු උපදෙස් මත බව වාර්තාවී තිබිණි.
මහින්ද රාජපක්ෂගේ දේශපාලන මතවාදය හෝ වුවමනාව වෙනුවෙන් ආරම්බ කර නමුත් පුවත්පතේ අලෙවිය කඩා වැටීම නිසා මාස කිහිපයකින් වසා දමන ලද 'ඉරිදා ' පුවත් පත මේ වන විට මෛත්‍රී පාර්ශ්වයේ බලවතකු විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තාවේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය මඟින් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී ඊයේ (08) පැවැත්වූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මාන උළෙල 2016” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉරුදින හා සන්ඩේ ලීඩර් පුවත් පත් ද්විත්වය ප්‍රකාශයට පත්කරන සමාගම් කළමනාකාරිතයයෙහි , නව ' ප්‍රධාන විධායක නිළධාරිවරයා' ලෙස ප්‍රවීණ මාධ්‍යවේදියකු වන මහේෂ් සේනානායක මහතා පත්ව තිබේ. ඊයේ දිනයේදී ඔහු වැඩ බාර ගැනිමද සිදු කර තිබෙන බව වාර්තාවේ.
නව ගිවිසුමකට අනුව පෝට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ලබන ඔක්‌තෝබර් මස මුලදී යළි ආරම්භ කිරීමට නියමිතය.

