එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් බලාපොරොත්තුවෙන් සිටි තිස්ස අත්තනායක මහතා එම බලාපොරොත්තු සුන් වීමෙන් පසුව තමාට ප්‍රභූවරයකු සේ සලකා නිකුත් කර තිබු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අද දින ආගමන විගමන දෙපාර්තමේන්තුවට බාර දි එය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් බවට වෙනස් කරගෙන තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය නිකුත් කළ නිවේදනය

බොහෝ කාන්තා සංවිධාන ප්‍රධාන සමාජ සමූහ රාශියක් මා නැවතත් පාර්ලිමේන්තුවට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් පක්‍ෂ නායකත්වය වෙත ආයාචනයක් කිරීම සඳහා හෙට දවසේ (25) එක්රැස්වීමට සූදානමක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

මෙවර විදේශ අමාත්‍ය තනතුර මංගල සමරවීර මහතාගෙන් ගැලවී යනු ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් පැවැතියද අවසානයේදී එම තනතුර සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු උපදෙස් මත එම තනතුරට වඩා සුදුස්සා සමරවීර මහතා වූ බැවින් ඔහුවම ඒ සඳහා පත් කිරීම සිදුවිය.එමෙන්ම රාජ්‍යය වෙනුවෙන් වූ අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක්ම යෙදී තිබුණු බැවින් විදේශ අමාත්‍යධුරය වහා පි‍රැවීමට සිදුව තිබිණි.

පසුගිය රාජපක්ෂ පාලනය තුලදි එම පවුල්ලේ සාමාජිකයන් විසින් අයතා ලෙස උපයා ගත් බිලියන් ගනනින් වන මහා ධනස්කන්ධයෙන් අමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු හෙළිදව් වී පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. (මේ මුදල රුපියල් කෝටි විසිදහසකට වැඩි මුදලකි.)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට සැකපිට අද දින අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංක යුධ හමුදාවේ ලුතිනන් කර්නල්වරු දෙදෙනකු , මාණ්ඩලික සැරයන්වරයකු හා කොප්‍රල්වරයකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකරිකයන් දෙදෙනකුව සිටි සිසිත ප්‍රියංකර හා ජනක බණ්ඩාර යන සිසුන් දෙදෙනගේ මරණය සම්බන්ධයෙ පවතින සැකය නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට එම ශිෂ්‍ය සංගමය කටයුතු යෝදා තිබේ.

අද දින සවස එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමටද එම සංගමය බලාපොරොත්තු වේ

මනාපවලින් පරාජය වුවද තමන් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලි මේන්තුවට නම් කළේ එජනිස ලේකම්ව සිටි සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ අත්සන් කළ ගිවිසුමක්‌ අනුව බව එම්.එල්.ඒ.එම්. හිස්‌බුල්ලා මහතා ඊයේ (23 දා) ප්‍රකාශ කළේය.

ප්‍රධාන පක්‍ෂ දෙක එක්‌වී ජාතික ආණ්‌ඩුවක්‌ සෑදීම සඳහා අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කළ ද ඒ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ අවසන් එකඟතාවක්‌ නොමැති නිසා නව අමාත්‍ය මණ්‌ඩලය දිවුරුම් දීම තව දිනයකින් හෝ කල් යනු ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ld add copy

Connet With Us