බස්නා­හිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) සිට 'කොවිඩ් මර්දන එන්නත' එන්න­ත්ක­ර­ණය කිරී­මට සැල­සුම් කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් 19 ආසාදිතයින්ගේ ප්‍රතිදේහ වර්ධනය වී ඇත්නම් නිරෝධායනයෙන් මුදාහල හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සදහන් කරනවා.

එම මාර්ගෝපදේශ මාලාවට අනුව රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ප්‍රගතියක් ඇත්නම් පී.සී.ආර් පරීක්ෂණයේ සිට 10 වැනි දිනයේදී ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටවිය හැකි බවත් එවැනි සුව වන ආසාදිතයින් තව දින 04 ක් නිවසේ රැඳී සිටිය යුතු බවත් සදහන්.

වැඩිහිටි නිවාස, හෝටල් හා බන්ධනාගාරගතව සිටින ආසාදිතයින්ට 10 වැනි දිනයෙන් පසු ගෙවෙන දින 04 ප්‍රතිකාර මධ්‍යස්ථානයේම රැඳී සිටීමට සිදු වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

-පංචාලි අබේසේකර

චම්පික රණවකගේ 2024 ජනාධිපති සිහිනය වෙනුවෙන් පසුගියදා අටවා ගන්න ලද 43 වෙනි සේනාංකය සමඟ සිටි පිරිස් රැසක් එම සේනාංකය හැර යෑමට පටන්ගෙන තිබේ. මීට හේතුව වී ඇත්තේ 2024 ජනාධිපති අපේක්ෂකයාවීම වෙනුවෙන් තමන් සාමාජිකයකුව සිටි සියලු පක්ෂ හා කණ්ඩායම් වෙතින් ඉවත්ව තනි ගමනක් යන බව කියමින් මහා සංදර්ශනයක් කිරීමට සිටි චම්පික අවසානයේදී ඒ සියල්ල හැරදා යළි සජිත් ප්‍රේමදාසගේ දෙපතුල ළඟ ඇද වැටීමට ගත් තීන්දුව නිසාය.

මහනුවර අංකුඹුර පොලිස් ස්ථානායේ පොලිස් නිලධාරීන් 7ක් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග එම පොලිසියේ සේවයේ සිටි පොලිස් නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් සහ ප්‍රතිසංවිධාන ගැටලු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ මෙරට රජය එකඟ වී තිබේ.

මෙරටට පැමිණීමට බලාපෙරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඉදිරි විනිමය ගිවිසුම්වලට එළැඹීම අවලංගු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ දැඩි විරෝධය එල්ලවී තිබෙනවා.

කොවිඩ් ආසාදනය වූ 07 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us