අද (25) උදෑසන සිට ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වයන් ඉවත්කිරීම සහ අලුතින් පැනවීම සිදුකර බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.

වී අලෙවි මණ්ඩලයේ රුපියල් මිලියන 3,000 කට ආසන්න අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), මූල්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය කළමනාකරු යන තිදෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත.

කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව ලංකාවට පැමිණීම සඳහා විදේශිකයන් 198ක් වීසා අයැදුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි විශාලත ම රාජ්‍ය ආයතන කාර්යාල සංකීර්ණය වන සෙත්සිරිපාය අදියර III හි ඉදිකිරීම් කටයුතු පසුගිය 22 වැනි දා බත්තරමුල්ලේ දී ආරම්භ කෙරිණ.

අදාළ ගිවිසුම අහෝසි කර දැමීමට වත්මන් රජයට හැකියාවක් තිබුණද ඉන්දියාව සහ ජපානය සමඟ දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා හමුවේ එකවර එවැනි තීරණයක් ගැනීම රාජ්‍ය තාන්ත්‍රිකව කල්පනා කිරීමේදී අසීරු කරුණක් බවද වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව මඟින්, “මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තහවුරු කළ හැකි චෝදනා ලබා සිටින” ශ්‍රී ලාංකිකයින් සඳහා වත්කම් අත්හි‍ටුවීම සහ විදෙස් සංචාර තහනම් කිරීම වැනි පුද්ගලයන් ඉලක්කකර සම්බාධක යෝජනා කිරීමට තීරණය කරඇති බව වාර්තාවේ.

හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට (25) සිට පාසල් විවෘත කිරීමට නියමිතයි.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us