මතබේදයට තුඩු දුන්, අන්තරයක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වරයාව සිටි නිලංග සමරසිංහ මහතා ඉන් ඉවත්කර එම් එම් සිරිසේන හේරත් මහතා පත්කරන ලෙස යෝජනා කොට නිර්දේශ කර පත්වීම සකසා ඇත්තේ හිටපු නිතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින්ම බව හෙළිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාට අපහාසාත්මක වන ලෙස ලිපියක් පළ කළේ යයි 'ඉරුදින' පුවත්පතට එරෙහිව පැමිණිල්ලක්',  ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිළි කොමිසමට ලැබී තිබේ. 

 

ඇවන් ගාර්ඩ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ඒකාබද්ද ව්‍යාපාරයක් ඇති කර සමුද්‍ර ආරක්ෂක ව්‍යාපාරයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සඳහා අවස්ථාව ලබා දුන්නේ 2010 ජනාධිපතිවරණයේදී ඇවන් ගාර්ඩ් සමාගමේ සභාපති (විශ්‍රාමික) මේජර් නිශ්ශංක සේනාධිපති විසින් රුපියල් මිලියන 500ක ( කෝටි 50ක) ආධාරයක් ලබා දීම නිසා බව ( විශ්‍රාමික ) මේජර් නිශාන්ත රාජපක්ෂ මහතා පවසයි.

මාදුළුවාවේ සෝභිත හිමිගේ ආදානොත්සවය වෙනුවෙන් සහභාගී වූ ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානාකවරයාට සමගාමීව ඔහුගේ නමින් ආසනයක් වෙන් කර නොතිබීම නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බාල ගෝලයන් එම උත්සව සභාව තුලදී එම සංවිධායකයන් සමඟ යුද්ධයක පැටැලී තිබෙන බව වාර්තාවේ.

අති පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමිපාණන්ගේ අභාවය ගැන සතු‍ටුවන 'රණ විරුවන්' පිරිසක් මේ මොහොතේ ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් අනුරාධපුර , 'රණ සේවා' පුර කඳවුරේ සතු‍ටු සාජ්ජයක් පවත්වමින් සිටින බව ලංකාඩේලි වෙත වාර්තාවේ.

නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස අද දින(11) ජනාධිපතිවරයා ඉදිරියේ දී දිවුරුම් දුන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සාගල රත්නායක මහතාට අගමැතිවරයා විසින් අගනා අවවාදයක් ලබා දී තිබේ.

අවිආයුධ ගණුදෙනුවේදී ක්‍රමවේද සහ නීතිමය කාරණා පිළිබඳව නාවික හමුදාපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසුව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ගිවිසුම් සියල්ල අහෝසි කර මෙහෙයුම් සියල්ල නාවික හමුදාව යටතට පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

රාජ්‍යය හා පක්ෂය ගොඩ නැඟීමේ දර්ශනය මැයෙන් ශ්‍රී ලංකා පෙර‍ටුගාමී පක්ෂයේ නායක දිප්තිකුමාර ගුණරත්න මහතා දේශනයක් අද(11) සවස 3.30 ට කොළම මහජන පුස්තකාලීය ශ්‍රවණාගරයේදී පැවැත්වේ.

ld add copy

Connet With Us