ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අද(30) සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.

ජාතික කොඩිය විකෘති කළැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ඉන්දීය මිසයිල වැඩසටහනේ පුරෝගමියා වන අබ්දුල් කලාම් ගේ දේහය පිලිබද අවසන් කටයුතු අද(30) සිදු කෙරේ. ඔහුගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ශෝක පණිවුඩය පහතින් දැක්වේ.

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ.

නීත්‍යානුකූලව ලබාදිය යුතු දීමනා වසර 14ක කාලයක සිට නොලැබීමේ අසාධාරණයක් සම්බන්ධයෙන් වතුකම්කරුවන් ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට සූදානම් වේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ලංකා වතු සේවා සංගමයේ සභාපති ධම්මික ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ශාන්ත බණ්ඩාර සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත. පසුගියදා ජනපති මෛත‍්‍රිපාල සිරිසේන සිදු කළ මහින්ද විරෝධී ප‍්‍රකාශයට විරෝධය පළ කරමින්තමන් සිය නියෝජ්‍ය ඇමති තනතුරින් ඉල්ලා අස්වන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසා ඇත.

'නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කිරීම' යන මාතෘකාව මතු කළ සැණින් බොහෝ උන් අවි අමෝරාගෙන දිව එන්නේ රණවිරුවන් පෝරකයට යැවිය නොහැකි බවත්, රට පාවා දීමට නොහැකි බවත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයන්ට අසු නොවිය යුතු බවත් පවසමිනි. වඩා නිවැරදිව කියන්නේ නම් එසේ මොර දෙමිනි. නමුත් පසුගිය රාජපක්ෂ පාලනය තුළ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කෙරුණේ උතුරේ පමණක්ද ? පැහැදිලිව ම නැත. මැතිවරණ සමයට පමණක් පොදුවේ සමාජයට මතක් වෙන සහ ඉතිරි කාලය තුළ අදාල පවුල් වල සාමාජිකයින් තනිව විඳවනා මූලික සිද්ධීන් තුනක් පිළිබඳව අපි සලකා බලමු.

එක්‌සත් ජාතික පෙරමුණට ඡන්දය දීමට අකමැති උදවිය ජනතා විමුක්‌ති පෙරමුණට ඡන්දය දෙන්නැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායමේ සභාපති ඩී. ඩබ්ලිව්. සුබසිංහ මහතා ඉල්ලා ‌ සිටියේය.

ld add copy

Connet With Us