ඊයේ රාත්‍රී 10.30 ට පමණ පඩුවස්නුවර, මන්නාපුර ප්‍රදේශයේදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා ඉලක්ක කරමින් එල්ල කිරීමට ගත් ප්‍රහාරයක් වලක්වා ගැනීමට ඇමැති ආරක්ෂක අංශය හා පොලීසිය සමත්ව තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව ඝාතනයක් යැයි රහස් පොලීසිය ඊයේ (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(28) පිළිගන්වා තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානය ෆෙඩරල් ක්‍රමයක්‌ අවශ්‍ය බව සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීමෙන් මෙරට ජාතිවාදීන්ට වාසියක්‌ අත්කර දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

මූලික දේශපාලන ප්‍රතිසංස්‌කරණ, තිරසාර සංවර්ධනය, බලශක්‌තිය, අධ්‍යාපනය හා මූලික මානව හිමිකම් සුරක්‌ෂිත කිරීමට අදාළ එකඟතා ගිවිසුමකට සිවිල් සංවිධාන 75ක් සහ එක්‌සත් ජාතික පෙරමුණ අතර අත්සන් තැබීම අද (28 වැනිදා) පෙරවරු 9.30 ට කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරේ.

ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා මීට ස්වල්ප වෙලාවකට පෙර දේශනයක් අතර තුරදී අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දී මාධ්‍ය වාර්තා කරයි.

දෙමළ ජාතික සන්ධාන මෙවර මැතිවරණ ප්‍රකාශයෙන් උතුරේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා පෙඩරල් විසඳුමක් අපේක්ෂා කරන බව දක්වා ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ පළමු අදියරේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව Metallurgical Corporation of China (MCC) නම් චීන සමාගමකට ලබා දී ඇති බව වාර්තා වේ. මෙම අධිවේගී මාර්ගය ඉදිකිරිම සඳහා චීන Exim බැංකුව ආධාර සපයයි.

ld add copy

Connet With Us