එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංක යුධ හමුදාවිසින් සිදු කරන ලද සටනෙදී සිදූවූ යුධ අපරාධ ගනයෙහිලා සැලකිය හැකි සිදු වීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වාර්තාවේ මූලික වාර්තාවක් ලබන අගෝස්තු 21 වන දින ශ්‍රී ලංකා රජයට ලබා දෙන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා කමිටුව අද (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාකිරීමට නියමිතය.

සිය නිවසේ සිටි මෙහෙකාරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සරත් ද ආබෲ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා රහස් පොලිසියට අනුමැතිය දී තිබේ.

රාජපක්ෂ පාලන සමයේදී ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරීව සිටි සුදර්මන් රදලියගොඩ මහතාට මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ලෙස අලුත් පත් වීමක් ලැබී ඇති බව වාර්තාවේ. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී සිය ඡන්ද ලකුණ වන අත ලකුණින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා අද දින තීරණයක කරණු ඇති බව එම පක්ෂ  ආරංචි මාර්ග සඳහන් කරයි.
යාල වනෝද්‍යානය තුල  හෝටල් හා කබානා විශල ප්‍රමානයක් පසුගිය රජපක්ෂ පාලන සමයේදී එම පවුලේ සාමාජිකයන් විසින් රහසිගතව ඉදිකරමීන් පැවැති බවට පසුගිය ඉරිදා 'සත්හඬ' පුවත් පතෙන් කළ හෙළි දරව් කිරීම හා  එම වනෝද්‍යානයේ තවත් පසෙක එලෙසම නීතිවිරෝධී කාබානා සකසා ඇති බව සඳහන් කරමින් අද දින පරිසර අමාත්‍යංශයට බාරදීමට ගිය පැමිණිල්ල එම අමාත්‍යංශය විසින් ප්‍රතික්ශේප කර තිබේ. 
රාජ්‍ය සේවකයන්ගෙන් යහපාලන ආණ්ඩුව පලිගන්න බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපට චෝදනා කලත් මැතිවරණයේදී පොරොන්දු වූ ආකාරයටම රුපියල් 10000ක වැටුප් වැඩිකිරීමක් කරල තිබෙන බවත් ආණ්ඩුවක් විදිහට වැඩිම වැටුප් වැඩිවීම කලේ අපවිසින් බව අද දින (07) ඒක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයත් සමඟ තමන් ඇතුළු පිරිසට දේශපාලන අනාථයන් යයි කියූ පිරිසට අද සිදුව ඇත්තේ සැබැවන්ම දේශපාලන අනාථයන් වීමට යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වරවංශ මහතා පවසයි.

ld add copy

Connet With Us