තිරිඟු පිටි,මාගරින් ආදියෙහි මිල අඩු කිරීම සඳහා බලයට පත්වන නව ආණ්ඩුව කටයුතු නොකළහොත් ඉදිරි උත්සව සමයේදී කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල තවදුරටත් ඉහළ යාහැකි බව බේකරි හිමියෝ පවසති.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත.

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

අද කාලගුණය

Published in පුවත්
Wednesday, 06 November 2024 08:09

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

රන් මිළ පහළට

Published in පුවත්
Tuesday, 05 November 2024 17:27

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (05) දිනයේ කැරට් 22 රන් පවුම රු. 207,550.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 226,400.00ක් ලෙස සටහන්ව තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) දහවල් කොළඹදී විරෝධතාවයක නිරත විය.

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදි තමාව ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

සුදු කෙස් ස්ථිරවම කළු කරන බවට සහ තට්ටයේ අලුතෙන් කෙස් වැවෙන බව සඳහන් කරමින් හිසේ ආලේප කරන ව්‍යාජ තෙල් වර්ගයක් සමාජ මාධ්‍ය භාවිත කරමින් මාර්ගගත ක්‍රමයට (Online) අලෙවි කරන ලද ආයතනයකට විරුද්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත.

ld add copy

Connet With Us