ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කරමින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක්‌කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල කොට ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජය තහවුරු කිරීම අභයාරාම කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා ඊයේ (16දා) පැවසීය.

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කටයුතු පිළිබඳ මහජනතාව නොමඟ යවන ආකාරයෙන් සිතා මතා සිදුකරනු ලබන ප්‍රකාශ හා ඒ අනුව පළ වන විවිධ මාධ්‍ය වාර්තා පිළිබඳ මෙම කාර්යාලයේ අවධානය යොමුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි බලවත් බාධකයක්ව පැවැති 20 වන සංශෝධය නොසලකා හැර පාර්ලිමේන්තුව ඉදිරි දින කිහිපයේදී විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව පවතින බව ශ්‍රීලනීප ආරංචි මාර්ග පවසයි. 20 වන සංශෝධයය සම්මත කිරීම සඳහා ශ්‍රීලනීපයේ රාජපක්ෂවාදී කොටස් දිගින් දිගටම බාධා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ප්‍රමාද කරමින් තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද දින පැවැති ශ්‍රී ලනීප සංවිධායකවරුන්ගේ ‍රැස්වීමෙදී මහින්ද රාජපක්ෂට අගමැති අපේක්ෂක කම ලබා දී ඇති බවට සමාජ ජාලාවල පැතිර යන කතාවේ කිසිදු සත්‍යයක් නැති බව ශ්‍රී ලනීපයේ ජේෂ්ඨ අමාත්‍ය වරයකුගෙන් කළ විමසීමකදී අප වෙත තහවුරු කළේය.

දුප්පතා ගැන කැක්කුමක් නැති එජාපය හැමදාමත් සිදු කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීම බව දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඉදිරි කාලය තුළ ලේ වලට වඩා වටිනාකමක් ජලයට ලැබෙනු ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජලය සනීපාරක්ෂාව හා ස්වස්ථාව පිළිබඳ දැනුම බෙදාහැරීම වෙනුවෙන් අද(16) අධ්‍යාපන අමාත්‍යංශයේදී සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යැයි කියමින් පෞද්ගලික අරක්ෂක අංශයක් ගොඩ නැගීම සඳහා රාජපක්ෂ හිතවාදීන් උත්සහ කරමින් ඇත. මේ සඳහා විදේශගත සංවිධාන හා පුද්ගලයන්ගෙන් ආධාර ලැබෙන බව ද දැන ගැනීමට ඇති අතර මෙය ආයුධ සන්නද්ධ ආරක්ෂක අංශයක් වනු ඇතැයි සඳහන්ය. මේ සඳහා රජයෙ අනුමැතිය ඉල්ලීමටද බලාපොරොත්තුවන බව ද වාර්තාවේ.

අමෙරිකානු ජනපති බැරක් ඔබාමා මේ වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඅැල්ල මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us