විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරයි.

ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂවාදී කණ්ඩායමක් ලෙස අවතැන්වූ දේශපාලන පක්ෂවල එකතුවෙන් සැකසෙන නව පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.

කුරුටු ගීවලට හානි සිදු කිරීමේ චෝදනාව යටතේ වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් නියම වූ දමිළ ජාතික තරුණිය ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූවත් තවමත් මුදා හැරීමේ නියෝග නොලැබීම හේතුවෙන් ඇය අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා නීති විරෝධී හා අයථා අන්දමින් මහා පරිමාණ වශයෙන් මුදල් හා දේපළ උපයා ඇද්ද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරික්ෂණ ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ජාතිවාදී ගිනිදැල් නැවත ඇවිලීම සදහා මහින්ද රාජපක්ෂගේ මෙහෙයුමෙන් වාසුදේව, විමල්, ගම්මන්පිල සහ දිනේෂ් ඇතුලූ ඊනියා දේශපේ‍්‍රමීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආණ්ඩුවේ පිටත සිටත්, චම්පික රණවකගේ මෙහෙයුමෙන් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කිරීම ඇතුලූ වැදගත් දේශපාලණ ප‍්‍රතිසංස්කරණ රැසක් සමග ගෙන ඒමට නියමිත 19 ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙමින් ආණ්ඩුව තූළ සිටත්, ජනවාරි 08 ලද ජනතා ජයග‍්‍රහණය නැවත ආපසු හැරවීමේ බරපතල මෙහෙයුමක් දියත් වෙමින් පවතී. 

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතයක් වශයෙන් දක්වා තිබීම ගැට‍ළු සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරයි.

 

ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා සිංගප්පූරු ආදර්ශයන් කෙරෙහි යොමු වීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුෂංක ද සිල්වා හෙවත් පොඩි ලැසී මේ මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us