නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියාසබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ ගෙල වැලලාගෙන මිය ගොස් අැත.මියගොස් ඇත්තේ කොට්ටාව මාබුල්ගොඩ අංක 114/2 නිවසේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා (24) සිසුවියයි. තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් ලිපියක් ලියා අැත.

වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්න දහයක් මෙන්න.

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු 2012 වසරේ නොවැම්බර් 09 වනදා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඝාතනය කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධයෙන් අදාළ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට බලකරමින් අද (17) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුණි.

පසුගිය ආණ්ඩුව සමයේ සමෘද්ධි ලාභීන්ගේ අනිවාර්‍ය ඉතුරුම් වලින් ලක්ෂ 17,000ක් පමණ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික දීමනා ගෙවීමටත්  පසුගිය රජය යටතේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම යටතේ ක්‍රියාත්මක වූ රුපියල් 2,500ක වැටුප් වැඩි කිරීම ලබා දීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගැනීම වෙනුවට සමෘද්ධිලාබීන්ගේ ඉතුරුම් ගිණුම්වල මුදල් ලක්ෂ 29,000 ක මුදලක්ද හොරා කා ඇති බව නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පසුගිය දා නෙත් FM නාලිකාව විසින් සිංහල කොටි පසුපස දේශපාලනය යන උදෘතය යටතේ ප්‍රචාරය කරන ලද වැඩ සටහන මගින් අප සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන් අත්අඩංගුවට ගෙන මීනීමැරීමේ සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනා යටතේ නඩු පවරා වරදකරුවන් අධිකරණමය ක්‍රියාදාමයකට භාජනය කර සාධාරණ නඩු විභාගයක් පවත්වන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේනතුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබියදී එකී පැමිණිල්ලේ ඇසින් දුටු සාක්ෂිකරුගේ ජීවිතයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි අකාරයේ ගුවන් විදුලි වැඩසටහනක් මෙකී නාලිකාව විසින් ප්‍රචාරය කිරීමට එරෙහිව බම්බලපිටිය පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන අස්ථානගත වීමේ චෝදනාව මත එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කීර්ති සමරසිංහ දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ‍රෝහණ මහතා පැවසුවේය.

සමාජ මාධ්‍ය ඇසුරෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන වකුගඩු ජාවාරමකට අදාල වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී ඇත.

පසුගියදා අප විසින් හෙළිදරව් කළ පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාට සිය කාර්යාලය ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙන් වෙනත් ස්ථානයකට ‍රැගෙන යන ලෙසද උපදෙස් දී තිබුණද ඔහු ඒ ප්‍රතික්ෂේප කර ඇත.

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us