පොලිස් නිලධාරීන් 1400ට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එජාපය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්නේ සිංහල බෞද්ධ ඡන්ද වලින් බව එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය. ඔහු මේ බව පැවසුවේ අද (09) සිරිකොත පක්ෂ මූලස්ථානෙය් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එජාපය සුළු ජාතික ඡන්ද වලින් මැතිවරණය ජයග්‍රහණය කළ බවට අැතැමුන් චෝදනා කළත් එජාපය යනු ජාතිවාදී පක්ෂයක් නොව හැමදෙනාටම එකවහළක් යටටවී තම අයිතිවාසිකම් දිනාගත හැකි පක්ෂයක් බවත් ඔහු පැවසුවේය.

ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ වැඩ පිළිවෙල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන බවත් ඉදිරියේදී එය වඩා කාර්යක්ෂම අාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව ප්‍රතිපත්ති සම්පාදන අාර්ථික කටයුතු යොවුන් ළමා හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

ඊයේ(08) කොළඹ  පැවති රැස්වීමකදී  අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික පැවසුවේ ඔක්තෝබර්  මාසයේදී  මන්නාරම් ප්‍රදේශයේ ගෑස් නිධි ගවේෂණය සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවීමට නියමිත බවයි.

ඊයේ සවස 20 වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් භාර ගැනීම ගැන සතුටු වන බවත් ලබන සිකුරාදා වන විට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය බාරව කටයුතු කරන ඉරාන උපදේශන සමාගම ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට එකඟ නොවීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි වාර්තා වේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසන්නේ ඉරාන  සමාගමන් ඉල්ලුම් කරන පරිදි අරමුදල් ලබා නොදීමට තීරණය කළ බවයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නැතැයි අස්ගිරි මහානායක අතිපුජ්‍ය ගලගම අත්තදස්සි නාහිමියන් පෙන්වාදෙයි.

දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us