ගත වූ සති තුනක කාලය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනස් හතරක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන්ම සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන් මහතා අවධාරණය කර සිටිනවා.

මේ රටට පත්වෙන රාජ්‍ය නායකයාට පැවරෙන වගකීම් දෙකක් ඇති බවත් පළමුවැන්න රටේ හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත් දෙවැන්න ජාතික ආර්ථිකය ගොඩ නැගීම බවත් එය ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව උතුරු මැද හිටපු මහ ඇමති පේශල ජයරත්න මහතා පවසනවා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.

උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක්  බව මහනගර සභාවේ හිටපු නගරාධිපතිනිය වූ යෝගේශ්වරී සත්කුණරාසා මහත්මිය යාපනයේදී පැවසුවාය. එ බැවින් ඔහු මෙවර නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ද ඇය පැවසීය. 

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද (18) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතය.

දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us