ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නැතිවී යනවාට, නීතියක් නැතිව යනවාට මිනිසුන් බිය විය යුතු යැයිද ඉන් මිදීමට මේ පැමිණ ඇත්තේ අවසාන අවස්ථාව බැවින් පෙරට විත් සත්‍ය තේරුම් ගෙන ක්‍රියා කරන්නැයි සුප්‍රකට ගායන ශිල්පී කසුන් කල්හාර අද ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔහු එසේ ඉල්ලා සිටියේ පවතින පාලනයට එරෙහිව ‘මුලාවෙන් මිදෙමු‘ සටන් පාඨය යටතේ ‘අලුත් පරපුර‘ නම් තරුණ කලාකරුවන් පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

යුක්තිය, සාධාරණත්වය සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගිවන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල ආරාධනයක් කළ බව එම සංගම් සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අද(23) කොළඹ දී කීය.

උදය ගම්මන්පිල මහතාට හෙළ උරුමයේ ප්‍රතිපත්තිමය ගැටඵව ඇත්තටම විසඳා ගැනීමට අවශ්‍ය නම්  පාඵ ගෙයි වළං බිඳීමින් විවිධ අසත්‍යයන්  රාජ්‍ය මාධ්‍යයන් මඟින් ප්‍රචාරය නොකර ඒ සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසත් ජාතික හෙළ උරුමය ආරාධනා කරයි.

 
ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය

තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට හැකිනම් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී විපක්ෂයට එක්වන ලෙස බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥාණසාර හිමියෝ අභියෝග කරති. මීට පෙර කිහිප වතාවකදීම මුස්තාපා මහතා පවසා තිබුණේ බොදුබල සේනා සංවිධානය ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ නම් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බවයි.

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ මූලිකත්වයෙන් සහ දිවයිනේ සියළු උසස් තාක්ෂණ ආයතන ශිෂ්‍යන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (22) දහවල් පැවැත්වූ දැවැන්ත විරෝධතා පාගමනට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයක් එල්ල වුණි.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩිම ඡන්ද පදනමක් පවතින ආසනය ලෙස සැලකෙන කඩුවෙල ආසනයේ ජේෂ්ඨතම ශ්‍රිලනීප නායකයා වන ජී එහි බුද්ධදාස මහතා පසුගියදා සිය ආධාරකරුවන් සමඟ පවසා ඇත්තේ මේවර මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වන බවය.

නැගෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී හා එම පළාත් සභාවේ සභානායක ප්‍රියන්ත පතිරණ මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us