ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීමේ අරමුණින් ඉදිරි ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාකාරිව මැදිහත් වන බව එහි නායක අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළේය. කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු තවදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන් පිළිනොගන්නා බවය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන අධ්‍යාපනය විකිණීමට එරෙහි විරෝධතා බැනරය අත්සන් තැබීම අද (24) වීරකැටිය නගරයේ දී සිදුවෙමින් පැවතුණි.

උතුරු මැද පළාත් සමුපකාර වෙළෙඳ හා ආහාර කුඩා කර්මාන්ත, පේෂ කර්මාන්ත , ග්‍රාම සංවර්ධන හා සංචාරක අමාත්‍ය පේෂල බණ්ඩාර ජයරත්න මහතා එම ඇමැතිධුරයෙන් නෙරපා ඇතැයි වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වන්නේය යන සැකයයි.

ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිත නියමිත මෛත්‍රීපාල සිරිසේන මහතා 'අපේ ජාතික පෙරමුණ' නමින් වූ පුළුල් පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව වාර්තාවේ. පොදු අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'දුරකථනය'යයි.

ඇමෙරිකාවේ මීළග ජනාධිපතිවරණයට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වුවහොත් ඇය සුපිරි ඝනයේ ජනාධිපතිවරියක් වීමට ඉඩ ඇති බව ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එළඹෙන සිංහල අවුරුද්දට කලින් එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහිකරන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගලිගමුවේදී පවසා සිටියේය.

2015 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් වන අවසන් ඡන්ද විමසීම අද සිදු කෙරේ. අයවැය ඡන්ද විමසීමේදී යම් පෙරළියක් සිදුවනු ඇති බවට පළවන මතවාද සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමුවී ඇත. දේශපාලන පක්ෂ කුමන ආකාරයකින් මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමේදී කි‍්‍රයා කරන්නේදැයි මෙතෙක් නිශ්චිතව ප‍්‍රකාශ වී නොමැත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us