එක්සත් ජාතික පක්‍ෂයේ හිටපුසභාපතිවරයකු මෙන්ම පක්‍ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අති සමීපතමයකු ලෙස සැලකෙන මලික් සමරවික්‍රම මහතා පෙරේදා (27දා) දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ විනාඩි 20ක පමණ දුරකතන සාකච්ඡාවක් පවත්වා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ බොහෝ රහස් ජනාධිපතිවරයා වෙත හෙළිකොට ඇති බව දැනගන්නට තිබෙන බව රාජපක්ෂ පවුල් ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය ලෙස එළිදැක්වීමට තිබූ 'තුන්කල් දැක්ම'ට සිදුවූ දෙයක් නොමැති බවත් තුන්කල් දැක්ම නිර්මාණය කළ පුද්ගලයා අභ්‍යන්තර අර්බුද නිසා මැතිවරණ වේදිකාවෙන් පවා අතුරුදන් වී ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.

ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුඩා පාසල් දරුවන්ද රවටමින් සිටී. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුඩා පාසල් දරුවන් වෙත මේ වන විට බෙදාහරිමින් තිබෙන පාසල් ගමන් මල්ලකි.

ආණ්ඩුකාරවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් සිටීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු යළිත් වතාවක් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට අවකාශයක් පවතින බව විපක්ෂයට එක් වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

අද (28)මීට මොහොතකය පෙර අනුරාධපුර, රාජාංගන ප්‍රදේශයේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ ‍බැටෑලියන් එක ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටීයේය. මේ එම කටයුතු අතරේදී ගත් ගත් ඡායාරූපයකි .

මෙම වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය අද (28)පහළොස් ලක්‍ෂයේ කඩඉමට ළඟාවුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වසර 9ක පාලනය අවසන් කරමින් සන්ධාන ආණ්ඩුවෙන් තවත් පිරිසක් හෙට දිනයේ සිට ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. අද දිනයේදී මුස්ලිම් කොන්ග්‍රසයේ සහයද සිරිසේන මහතාට හිමිවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us